මැරෙන මිනිස්සු ලග නොමැරෙන මිනිස්සු

3.jpg
Image source

මැරෙන මිනිස්සු ලග මොනවාද තියෙන්නේ ? බලාපොරොත්තුවක් , ආසාවක් , කෙලවරක් නැති බැදීම් ගොඩක්... , නොමැරෙන මිනිස්සු ලග මොනවාද තියෙන්නේ එත් ඒ ටිකම විතරයි .

සමහර මිනිස්සු ජිවත් වෙලා ඉන්කන් හරි හරියට පොළවත් එක්ක ඔට්ටු වෙනවා, මැරෙනකන් කොහොම හරි ජිවිතේ ගැටගහ ගන්න මහන්සි වෙනවා, මැරෙන කල් බලන් ඉදලා පොළවට පස් වෙලා යනවා කාටත් රහසේම , ආටෝප පිරිච්ච ලෝකය ඇතුලෙ විච්චූරන ගොඩක් පෙන්නන මිනිස්සුත් අපි අතරෙ ඉන්නවා, මොන තරාතිරමක වුනත් චුට්ටක් ඒ ලෝකයට එඹිළ බලන්න , ඒ ජිවිත වලට හරි මහන්සියි.

1.jpg
Image source

තවත් ලස්සන දවසකට ඉර පායනවා . ඒත් සුපුරුදු වැඩ ටික ,? ඒ ටික එහෙන්මමයි.
හරි ලස්සන වයසක් එනව ඒ වයසට ආවයින් පස්සෙ මිනිස්සු හිතන්න ගන්නවා මෙතනින් එහාට වෙනස් වෙන්නෙ නෑ කියලා , අපි හරි පාර තෝරගත්තේ නැති වුනොත් අපිට වරදින්න පටන් ගන්නෙ එතනින්, මොකද එතැන් ඉදලා අපි ගොඩක් ගන්නෙ තනිතීරණ , මේක හරි අමුතු ආටෝප පිරිච්ච ලෝකයක්. හරි පරිස්සමටයි අපි ඉන්න ඕන,
මිනිස්සු තරතිරමක් නොබලා මොන මොන දේවල් වලට කොච්චරක් නම් අහු වෙනවද ? ,
කොතනට ගියත් මිනිස්සු ලග රැවටිම විතරමයි . ඇයි ? මිනිස්සුන්ට එහෙම වෙලා තියෙන්නේ කොතනද මිනිස්සු වරද්දගෙන තියෙන්නේ , අපි හැමෝටම ඉන්න තියෙන්නේ හරි පොඩි කාලයයි , ඇයි තේරුම් නොගන්නේ ?.

Sort:  

Hi, @udsm,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy.
Or delegate to @ecosynthesizer to earn a portion of the curation rewards!

Thank you

මිනිස්සු විදිහට අපි හිතන්නම ඕන දෙයක්..!! මෙහෙම දෙයක් බෙදාගැනීම ගැන ගොඩක් සතුටුයි මිත්‍රයා !!!